Popular Posts

Wednesday, March 6, 2013

අද ඉපදුනේ මම




අඩෝ අද අවුරුද්දකින් වයසට ගියා  අද මගේ උපන්දිනේ .දුක හිතුන එවුන් මට විශ් කරපල්ලා 2013/03/07

Thursday, February 21, 2013

ආදරේ සිහිලැල්



ඔන්න අදත් මම ලස්සන සින්දුවක් අරන් ආව .මේ සින්දුවෙන් කියවෙන්නේ ගොඩක් ශෘංගාරත්මක අදහසක් ඒ වුනත් එක ඉදිරිපත් කරලා තියෙන්නේ හරිම සංයම විදිහට .පෙරදිග ආදරේ දකින හැටිත් මේකේ විස්තර වෙනවා .හරිම ගීතාත්මක සින්දුවක් .මේකේ හැටියට ආදරේ හරිම සිහිලැල් ලංකාව වගේ පෙරදිග රටවල් උෂ්ණ නිසා අපිට සහනයක් ලැබෙන්නේ සිසිලසෙන් .බටහිර රටවල් සීත නිසා ඒ ගොල්ලන්ගේ ආදරේ උණුසුම් .ඉතින් මේ සින්දුව අහල ආදරේ සිහිල දැනුනානම් කමෙන්ට් එකක් දාන්න

Wednesday, February 20, 2013

පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ


 කවියා   වනාහි සුසංවේදී මනවයෙකි .එබැවින් ඔහුට සමාජයේ ප්‍රකම්පන ඉසියුම් ලෙස දැනේ .ඒ සංවේදනාවන් හමුවේ කම්පනය වන කවියාගේ සිත කාව්‍යක වේශයෙන් පැන නගිත් . මහගම සේකර යනු එවැනි සංවේදී කවියෙකි .ඔහුගේ ප්‍රබුද්ද කාව්‍ය මා සිතන පරිදි මෙරට නුතන කවිත්වයේ අග්‍ර පලයයි .දහම අවබෝද කර ගැනීමේ මුලික ප්‍රතිපදාව කෑමෙන් බීමෙන් සංතෘප්ත ලොවක් තැනීම යයි කවියා කියා පායි .සහජයෙන් ලද අපුරු භාෂා කුෂලතාවයක් ලද සේකර අපගේ නැණස පාදන්නේ අපටත් හොරාය ."පෙදෙහි රසහව් විඳුනා දෙනෙතා ඉතා දුලබෝ"


Tuesday, February 19, 2013

අපි ආමි



කුමාරතුංග මුනිදාස කියන්නේ අපේ රටේ ශ්‍රේෂ්ට පඬිවරයෙක් වගේම බුද්දීමතෙක් .මේ ශ්‍රේෂ්ට පඬිවරයා ගැනත් කනින් කොනින් ඇහෙන විහිළු කතා තියෙනව .හැබැයි ඒ අපහාසටනම් නෙමේ   නිකන් විනෝදෙට ඒ වගේ කතාවක් තමයි මම අද ගෙනාවේ .ඔන්න දවසක් කුමාරතුංග මහත්තයාගේ ගෙදරට හමුදාවෙන් ආවලු .දොර වහලලු එතකොට තිබ්බේ ඔන්න ඒ දෙබස් තමා මම දැන් ඉදිරිපත් කරන්නේ .

හමුදා සෙබළුන් - අපි ආමි දොර අරින්න
කුමාරතුංග මහතා -වැරදයි වැරදයි
හමුදා සෙබළුන්-ඇයි වැරදි අපි ආමි දොර අරින්න
කුමාරතුංග මහතා-වැරදයි වැරදයි අපි නම් ආමු වෙන්න ඕන හි හි හි .................................

                                                                ලොකු සහෝදරයා

Monday, February 18, 2013

කුස පබා බැලුවෙමි











ඔන්න මචන්ලා අද මම කියන්නේ අපේ බුවෙක්ට වුන වැඩක් .ඔය කුස පබා ෆිල්ම් එක හෝල් වල දුවන කාලේ අපේ මැන්ස්ල ටිකක් අඩියක් එහෙම ගහල හෝල් එකට ගියාලු කුස පබා බලන්න දැන් මුන් ටික සිරාවටම ෆිල්ම් එක බලනවා .කොහොම කොහොම හරි ෆිල්ම් එකත් ඉවර වුනා කියමුකෝ .ඔන්න දැන් මුන් ටික එලියට අවා එතකොටම සිහිකල්පනාවෙන් ඉන්න අපේ තව බුවෙක් පාරේදී හම්බුනා .මැන්ස් ඇහුව කුස පබා බැලුවද කියල .ඉතින් උටත් ෆිල්ම් එක බලන්න ආස හිතිලා ඇහුව ෆිල්ම් එකේ අන්තිමට මොකද වුනේ කියල .පදමට වැදුන අපේ බුවෙක් මෙහෙම කිව්වා ,"කුස පබා අන්තිමට චාන්දනී සෙනෙවිරත්න බැන්දනේ බන් "

Sunday, February 17, 2013

මේ මොනවද මේ කියන්නේ .....................................









 ඔන්න සහෝදරයා මම අදත් ආවා.අද මම කියන්නේ මගේ පාසල් කලේ වෙච්ච දෙයක් .අපි ඒ කාලේ ලොජික් ඉගෙනගන්නකොට අපේ යාලුවෙක් හිට්ය බස්සා කියල .මෑන්ස් කියපු කතාවක් තමයි මම මේ කියන්නේ .ඔන්න දැන් අපේ සර් කාරය ලොජික් උගන්න උගන්න ඉන්නවා ඒ කලේ යුද්දේ යන කාලේ 2009 විතර ඉතින් මු එකපාරටම කිව්ව .අරෙහෙ යුද්දේ මෙහෙ ලොජික් උගන්නනවා කියල.අපි ඒ කාලේ ඒ කතාවට හිනවුනාට .පස්සේ හිතල බලනකොට බුද්දාගමේත් මීට සමානම උත්ප්‍රාසයක් තියෙන කතාවක් මට හම්බුනා .කොනුභාසෝ කිමානන්දෝ   කියන ගාථා පාටයෙන් කියවෙන විදිහට .කෙලෙස් ගින්නෙන් නිරතුරුවම දැවෙන කල කුමන හිනාද  .ඉතින් මටත් ඒ කතා දෙකේ සමානතාවයක් පෙනුන .

මේ මොනවද මේ කියන්නේ .....................................

Thursday, February 14, 2013

රට කරවන්නනම්







ඔන්න අපි අදත් අලුත් ගීතයක් ගෙනාවා අලුත් කිව්වට මේක පරණ සින්දුවක් .එත් පුදුමාකාර නැවුම් බවක් රැඩිකල් ගතියක් මේකේ තියෙන්නේ .අපි කොහොමත් "අඩෝ" මේ  පිටුවෙන් කතා කරන්නේ රැඩිකල් දේවල්නේ මේ සින්දුවෙන් අද රට කරවන ඇත්තන්ට හොඳ කනේ පාරක් ගහල තියෙනවා .සින්දුව ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න සින්දුව ගයන්නේ විශාරද නන්දාමලිනි මේකත් අහලම කමෙන්ට් පාරක් දාන්න මතක ඇතුව .